Tuesday, April 25, 2017

ක්‍රිකට් ලොව හොල්ලමින් පුංචි සංගා ක්‍රිකට් පිටියට.. සංගාගේ කාබන් කොපිය

අපේ ක්‍රිකට් ලෝකයේ විරයා කුමාර සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට එනවා කිව්වොත් අපිට කොච්චර සතුටල් දනෙයිද? මේ කියන්න යන්නේ ඒවගේ පුවතක් ගැනයි
සංගක්කාර ක්‍රීඩාවේ යෙදෙන අකාරයටම ක්‍රීඩාවේ යෙදෙන කුඩා දරුවෙකු ගැන පසුගිය කාලයේ සමාජ ජාල මාධ්‍ය හරහ්ක ප්‍රචාරය වන්නට වුනා. ඔහු ශාරුජන් ශන්මුගනාදන්ය. ශරුගේ පුහුණුකරුවන් ප්‍රකශ කරන ආකාරයට නම් ශාරු යනු සංගාගේ කාබන් කොපියකි. 100% සංගාගේ පිතිහරම්බයට සමනය. එමෙන්ම ඉරියව් පමණක් නොව දක්ෂතාවයන්ද ඔහුගේ වයසට වඩා මුහුකුරා ගොස් ඇති බව ඔහුගේ පුහුණුකරුවන්ගේ අදහසය ඔහු සි.සි.සි. පාසලේ අන්තර් නිවාස ක්‍රිකට් තරඟාවලියේ හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා සහ අවසන් තරඟයේ වීරයා සම්මන ලබාගෙන ඇත්තේ 2013 වයස 10 පහල වයස් කාන්ඩයේය.එමෙන්ම CCC පාසැල නියෝජනය කරමින් බැංගලෝරයේ පැවති තරඟාවලියකට සහභාගී වී ඇති ශාරු එහිදී තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබා ඇත.ශාරු මෙවන් දක්ෂතා දක්වන ඔහු තවමත් වයස 11 වන කුඩා ක්‍රීඩකයෙකු වේ
තවමත් ලංකාවෙන් සංගලා මහේලලා බිහිවෙනකම් බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට ශාරු හොඳ උත්තේජනයක් වනු නොඅනුමානයි

Subscribe to get more videos :